1963 වර්ෂයට පෙර වෙරළ සංරක්ෂණ කටයුතු විටින් විට විවිධ දෙපාර්තමේන්තු විසින් කර ගෙන යන ලදි.  වෙරළබඩ සම්පත් කළමනාකරණය සඳහා තනි අංග සම්පුර්ණ ප්‍රවේශයක් අවශ්‍යය යි රජය විසින් වටහා ගන්නා ලදුව කොළඹ වරාය කොමිෂන් සභාවේ වෙරළ සංරක්ෂණ ඒකකයක් පිහිටුවනු ලැබීය. 1978 වර්ෂයේ දී ධීවර අමාත්‍යාංශයේ වෙරළ සංරක්ෂණ අංශය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.  1984 දි මෙම අංශය දෙපාර්තමේන්තුවක් වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නමින් උසස් කරන ලදී.

වර්ෂ 1981 පාර්ලිමේන්තුව විසින් වර්ෂ 1981 අංක 57 දරන පනත වශයෙන් වෙරළ සංරක්ෂණ පනත නීතිගත කරන ලදී.  වර්ෂ 1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන) පනත සම්මත කිරීමෙන් 1988 වර්ෂයේ දී එම පනතින් සංශෝධන සම්මත කරනු ලැබී ය.  වෙරළ සංරක්ෂණ පනතේ ප්‍රකාර වෙරළබඩ කලාපය සම්බන්ධයෙන් සමාලෝචනයක් පැවැත්වීමත් එම සමාලෝචනය පදනම් කොට ගෙන අංග සම්පූර්ණ ජාතික වෙරළබඩ කලාපීය කළමනාකරණ සැලැස්මක් (වෙ.ක.ක.සැ.) සම්පාදනය කිරීමට නියමිත විය.  දෙපාර්තමේන්තුව සම්පාදනය කළ වෙරළබඩ කලාපීය කළමනාකරණ සැලැස්ම රජය විසින් පිළිගන්නා ලදුව වර්ෂ 1990 වෙරළබඩ කලාපීය කළමනාකරණ සැලැස්ම වශයෙන් ක්‍රියාත්මක කරන ලද්දේ ය.  ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය සඳහා සම්පත් කළමනාකරණ උපාය මාර්ගයක් වශයෙන් $වෙරළබඩ 2000` නම් වු සැලැස්ම  1992 දි සම්පාදනය කරන ලදුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ සම්පත් කළමනාකරණය සඳහා වු මාර්ගදේශකත්වය එමගින් සැලසිණි.  දෙවැනි ප්‍රතිශෝධිත වෙරළබඩ කලාපීය කළමණාකරණ සැලැස්ම 1997 දී පිළියෙල කරන ලදුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.  වර්ෂ 2004 ජාතික වෙරළබඩ කලාපීය කළමනාකරණ සැලැස්මේ තුන්වැනි ප්‍රතිශෝධනය දැනට ක්‍රියාත්මක කර ගෙන යනු ලැබේ.

මෙහෙවර

ශ්‍රි ලංකාවේ සමාජ ආර්ථික හා පාරිසරික තත්ත්වය ප්‍රශාස්ත තත්ත්වයට ගෙන එම සඳහා වෙරළබඩ ක්‍රියාවලීන් කළමණාකරණය කිරීම සහ වෙරළබඩ සම්පත් තිරසාර ලෙස සංවර්ධනය කිරීම ය.

අරමුණු

වෙරළ ආශ්‍රිත පරිසරයේ තත්ත්වය වැඩිදියුණු කිරීම.

වෙරළ තීරුව සංවර්ධනය හා කළමනාකරණය.

වෙරළබඩ ප්‍රජාවගේ හා  වෙරළබඩ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නන්ගේ ජීවන තත්වය   වැඩි දියුණු කිරීම.

වෙරළබඩ සම්පත් පදනම් කොට ගෙන ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලසීම.

කාර්ය

වර්ෂ 1981 අංක 57 දරන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා ඒ පිළිබඳ පරිපාලනය.

වෙරළ කලාපය තුළ වෙරළ සංරක්ෂණය සඳහා කාර්ය පරිපාටි සකස් කිරීම සහ ක්‍රියාවට  නැංවීම.

වෙරළ සංරක්ෂණය අරමුණු කොට වෙනත් දෙපාර්තමේන්තු, නියෝජිත ආයතන හා  වෙනත් ආයතන සමඟ සහයෝගීතාවෙන් පර්යේෂණ මෙහෙයවීම.

ක්‍රියාකාරකම්

බලපත්‍ර දීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාවට නැංවීම.

ජාතික වෙරළ කලාපීය කළමනාකරණ සැලැසුම සකස් කිරීම හා ක්‍රියාවට නැංවීම.

විශේෂ කලාප කළමණාකරණ හා සැලසුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.

ගල් හා වැලි ගොඩ දැමීමේ කටයුතු සමීක්ෂණය.

වෙරළ කලාපය තුළ පාරිසරික බලපෑම් තක්සේරු කටයුතු සමාලෝචනය.

වෙරළ ඉංජිනේරු කටයුතු විමර්ශනය.

ආරක්ෂක ඉදිකිරීම් වැඩ.

හදිසි වෙරළ ආරක්ෂක වැඩ.

වෙරළ පරිසර අධ්‍යයන වැඩ සටහන.

   

වෙනත් ප්‍රධාන ව්‍යවස්ථා

අංක 1881 දරන සාගරීය දූෂණය වැළැක්වීමේ පනත

 
ශ්‍රී ලංකාවේ සාගර ජලය දූෂණය වීම වැලැක්වීම හා අඩු කිරීම සහ දූෂණය පාලනය කිරීම සඳහා විධිවිධාන සලස්වන මෙම පනතින් කවරාකාරයක හො සාගර දූෂණයකට නැතහොත් සාගරීය ජීව සම්පත් වලට හා වන සතුන්ට වන හානියකට මණ්ඩලයක් මඟින් ක්‍රියා කිරීම සඳහා විධිවිධාන සලසා ඇත.
වර්ෂ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත
 
ශ්‍රී ලංකාවේ ඇති ධීවර හා ජලජ සම්පත් ඒකාබද්ධ ව කළමනාකරණය කිරීම, නියමානුකුල කිරීම, සංරක්ෂණය හා සංවර්ධනය සඳහා වූ විධිවිධාන ප්‍රවර්ධනය කරන මෙම පනතින් ධීවර සංරක්ෂණ ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සඳහා ද ඉඩ සැලසේ.
වර්ෂ 1988 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජල ජීවී සංවර්ධන අධිකාරි පනත
 
ශ්‍රී ලංකාවේ ජලජීවී සංවර්ධනය හා රට අභ්‍යන්තරයෙහි ධීවර කටයුතු සංවර්ධනය සඳහා මෙම පනත මඟින් ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය(NAQDA) පිහිටුවා ඇත.
වර්ෂ 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන යෝජිත ආයතන පනත.
 

ධීවර හා සාගරීය සම්පත් අංශය සංවර්ධනය කිරීම හා ඒ පිළිබඳ කළමනාකරණය සඳහා ජීව හා අජීව ජලජ සම්පත් විෂයයෙහි වූ පර්යේෂණ හා පර්යේෂණ උපයෝජන කටයුතු කිරීම පිණිස $නාරා` ආයතනය පිහිටුවන ලද්දේ මෙම පනත යටතේ ය.

වර්ෂ 1937 අංක 2 දරන සත්ත්ව හා ශාක ආරක්ෂක ආඥා පනත

 

සහ වර්ෂ 1993 අංක 49 දරන පනත ඇතුළු පසුකාලීණ සංශෝධන මගින් සාගරීය අභය ස්ථානයක් හා ස්වභාවික රක්ෂිත ප්‍රදේශයක් ඇතුළු ව රක්ෂිත ප්‍රදේශ හය වර්ගයක් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සැලසී ඇත.  තව ද තර්ජනයට ලක් ව ඇති කොරල් විශේෂ හා මත්ස්‍ය වර්ග ද ශ්‍රී ලංකා සමුද්‍ර සීමාවෙහි සිටින සියලු සාගරීය සත්ත්වයන් ඇතුළු සත්ත්ව හා ශාක විශේෂ ද කොතැනක ඇත්තේ වුව ද ආරක්ෂා කිරීම සඳහා පනතින් විධි විධාන සැලසී ඇත

වර්ෂ 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සහ වර්ෂ 1988 අංක 56 දරන සංශෝධන පනත

 

මෙම පනතින් ව්‍යාපෘති අනුමත කරන නියෝජිත ආයතනවලට යම් නියමිත සංවර්ධන ව්‍යාපෘති

සඳහා කවර හෝ සංවර්ධකයකුගෙන් පාරිසරික බලපෑම් තක්සේරුවක් ලබා ගැනීමට බලතල පැවරේ.

වර්ෂ 1947 අංක 8 දරන රාජ්‍ය ඉජම් ආඥා පනත සහ එහි සංශෝධන දෙක.

වර්ෂ 1907 අංක 16 දරන කැලෑ ආඥා පනත සහ එහි සංශෝධන සහ වර්ෂ 1978 අංක 37 දරන නාගරික සංවර්ධන අධිකාරි නීතිය - නාගරික සංවර්ධන අධිකාරිය
වශයෙන් හඳුනාගත් ප්‍රදේශය තුළ පාරිසරික සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා පාරිසරික ප්‍රමිතීන් හා යෝජනා ක්‍රම සංවර්ධන කිරීම පිණිස මෙම නීතියෙන් විධිවිධාන සැලසේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුස්තකාලය පිහිටුවන ලද්දේ මෙහෙයුම් හා ඇගයුම් අංශය යටතේ ය.  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  පුස්තකාලය වෙරළබඩ සම්පත් සංවර්ධනයට හා වෙරළ සංරක්ෂණයට අදාළ පොත්පත් සඟරා, ප්‍රකාශන, පෝස්ටර, සිතියම් සහ ගුවන් ඡායාරූප යන මේවායින් සමන්විත ය.  පාඨශාලා ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයන්ට සහ වෙනත් ආයතන වල නිලධාරීන්ට මෙම පුස්තකාලය නිදහසේ පාවිච්චි කළ හැකිය.

 
ආකෘති පත්‍ර දර්ශනයට ඇක් රොබැටි රීඩර් මෘදූකාංගය අවශ්‍ය බැවින් එය ලබා ගන්න.
ඉල්ලුම් පත්‍ර
 

    බලන්න