|
වෙරළ තීරය, වෙරළබඩ සම්පත් සහ වෙරළබඩ ව්‍යසන කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය
කරන සාමාජීය, ආර්ථික, පාරිසරික සහ වෙරළබඩ දත්ත එකතු කරන අතරතුර වෙරළබඩ
කලාපය සහ වෙරළ තීරය හැම කල්හිම සමීක්ෂණය කළ යුතුය. මේවා ගැන තොරතුරු
අනාවරණය කර ගැනීම පිණිස සමීක්ෂණ ක්‍රියාවලිය ඔස්සේ හඳුනා ගනු ලබන ගැටලු
පිළිබඳ පර්යේෂණ සිදු කළ යුතුය. වෙරළ තීරය, ව්‍යසන සහ සම්පත් කළමනාකරණය සඳහා
යෝජනා සැලසුම් කළ යුත්තේ අදාළ සාධක සුපරීක්ෂාකාරීව සොයා බැලීම සඳහා කළ යුතු
විමර්ශන වලින් පසුවය.
ඉහත සඳහන් ක්‍රියාවලි මඟින් හෙළි කර ගන්නා දත්ත ගබඩා කර ගෙන සකස් කොට තීරණ
ගැනීම සඳහා විශ්ලේෂණය කළ යුතුය. වෙරළබඩ පර්යේෂණ සහ සැලසුම් අංශය ඉහත සඳහන්
කරුණු වන වෙරළබඩ සමීක්ෂණ කටයුතු, පර්යේෂණ කිරීම, විමර්ශනය කිරීම, සැලසුම්
කිරීම සහ තොරතුරු සැපයීම යන මේවා කෙරෙහි සැලකිලිමත් වෙයි. මේ අතර දත්ත තෝරා
බේරා අවශ්‍ය අවස්ථාවන්හිදී වෙරළබඩ ඉංජිනේරුමය දැනුම වෙනත් අංශවලට සහ
ආයතනවලට සැපයීම ද සිදු කරයි.
|