Tamil-Sri LankaEnglish (United Kingdom)
Welcome!.. Coastal Web Ver. 2.0
There are no translations available. The Ver. 2.0 of official web site for Coast Conservation an... Read more...
වෙරළ අභිමුඛ සංවර්ධනය, ගාලු නගරය
වෙරළබඩ සම්පත්වල වටිනාකම ඉහළ නංවමින් වෙරළ තීරයේ ස්ථායිතාවය හා සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වූ ... Read more...
වෙරළ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ පශ්චාත් සුනාමි සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිස්ථාපනය සහ තිරසාර කළමනාකර... Read more...
වෙරළ උවදුරු හඳුනාගැනීම
සුනාමි තත්ව, කුණාටු, වෙරළ ඛාදනය සහ මුහුදු මට්ටම ඉහළ යාම යනාදී වශයෙන් වූ වෙරළ බඩ උවදුරු 4 ක් පිළ... Read more...
වෙරළ ජල තත්ත්ව කළමනාකරණ වැඩසටහන
වෙරළ ආශ්‍රිත ජලයෙහි  ගුණාත්මක බව වැඩි විට වෙරළ කලාපයේ වටිනාකම වැඩි වන අතර වෙරළ ප්‍රජාවගේ ... Read more...

තොරතුර

  • මහජන අදහස් විමසීම - පාරිසරික...
    Read More...
  • 2018 වර්ෂය සඳහා සැපයුම්කරුවන්...
    Read More...
  • There are no translations available.The children of Harvest Vision...
    Read More...

සිදුවීම් දින දර්ශනය

වෙරළ අභිමුඛ සංවර්ධනය, ගාලු නගරය

වෙරළබඩ සම්පත්වල වටිනාකම ඉහළ නංවමින් වෙරළ තීරයේ ස්ථායිතාවය හා සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වූ ක්‍රියාකාරී ප්‍රවේශයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ලබා ගෙන ඇත. ප්‍රදේශයේ ජනතාවට ආර්ථිකමය ප්‍රතිලාභ හා වෙරළබඩ ප්‍රදේශවල ආයෝජන කටයුතු සිදු කරන්නන් සඳහා හොඳ අවස්ථාවන් මෙමගින් උදා වනු ඇත. ආර්ථිකමය ප්‍රවේශයන් මත සිදුවන වර්තමාන සමුද්‍රිය සංවර්ධන කටයුතු පිළිබඳ තරඟයේදී සාමුද්‍රිය නගරයක් ලෙස ගාලු නගරය සතු වෙරළබඩ ප්‍රදේශ අතිශයින් වැදගත් වේ. මේ අනුව වෙරළබඩ යටිතල පහසුකම් දියුණු කොට, භූමි දර්ශනය වැඩි දියුණු කොට විනෝදාස්වාදය  හා විවේකය සඳහා සංචාරක ආරක්ෂක ස්ථාන වැඩි  දියුණු කොට ගාලු නගරයේ වෙරළබඩ ප්‍රදේශ දියුණු කොට ඇත. එලෙසම වෙරළබඩ ඛාදනය ඇති කරවන වෙනත් උවදුරුද අඩු කොට ඇත.


ගාලු නගරයේ වෙරළ තීරය කළමනාකරණ සැලසුම තුළ වෙරළ තීරයේ  එක් එක් කොටසේ ඇති ශක්‍යතාවයන් හඳුනාගෙන ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. වෙරළ තීරයන්, මුහුදු වෙරළ  වෙරළ ආශ්‍රිත හා වෙරළබඩ භූමි යෝජිත ක්‍රියාමාර්ග වලට අනුකූල වන ලෙස සැලසුම් කොට ඇත. නගරයේ වෙරළ තීරය කලාප තුනකට බෙදා  ඇති අතර එය පියවර තුනකින් සංවර්ධනය කිරීමට යෝජනා කොට ඇත.

“සමුද්‍ර පා ගමන” -  පළමු පියවර
බාලදක්ෂ මාවත, රත්ගම වෙරළ, සමුද්‍ර පියවර, නාවික මූලස්ථානය පියවර 1  රු. මිලියන 72ක වියදමින් අර්ධ ලෙස සම්පූර්ණ කරනු ලැබේ.

“වෙරළ පිම්ම” - දෙවන පියවර
මහමෝදර, කළුවැල්ල, හිල්ටොප්, සමනළ පාලම
පියවර දෙකෙහි විස්තීර්ණ සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කොට ඇති අතර නාවික හමුදාවේ සහයෝගය ඇතුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත.

“මහා මාර්ගයට අවතීර්ණ වී” -  පියවර 3
වරාය ප්‍රවේශය, දෙවට, රූමස්සල
වරාය සංවර්ධන ව්‍යාපෘතිය සමග සමගාමීව පියවර 3 ක්‍රියාත්මක කෙරේ.

අතිරේක අංගයන් :

  • ස්ථාවර මුහුදු වෙරළ
  • මුහුදු ඛාදනයෙන් තොර වෙරළ තීරයන්
  • හරිත භූ දර්ශන සහ නානාවිධ මුහුදු දර්ශන ප්‍රදේශ
  • මනුෂ්‍යයන්ට හිතකර සාගර පරිසරය
  • අඩි පාරවල් හා යතුරුපැදි මාවත් සම්බන්ධ කිරීම
  • සාගරයෙහි පා ගමන් කළ හැකි පියවර
  • සාගර පොකුණු
  • ප්‍රසාංගික කටයුතු සඳහා පියවර සහිත වේදිකා
  • ළමයින් සඳහා ක්‍රීඩා අංගන
  • බීච් වොලිබෝල් සහ වෙනත් ක්‍රීඩා අංගන
  • ගල්පර උද්‍යාන
  • විවේකය හා විනෝදය සඳහා වීථි ගෘහ භාණ්ඩ සහ සෙවන සහිත ස්ථාන
  • පියාසර සාගර ශ්‍රවණාගාරය
  • පාරිසරික හා විවෘත මුහුදු බෝට්ටු සඳහා නැංගුරම් ස්ථාන
  • විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලිය හැකි ස්ථාන
  • පිංතූර ගත හැකි ස්ථාන
  • නැරඹුම් කවුළු සහ නැරඹුම් වේදිකා
  • විනෝද ගමන්
  • සාගර කඩවීදිය
  • තවලම් සාප්පු මාර්ග
  • ආහාර කුටි සහ බොජුන් හල්
  • නාන කාමර සහ පොදු පහසුකම් සපයන ස්ථාන
  • රථවාහන නැවතුම් අංගන
  • තොරතුරු මධ්‍යස්ථාන
  • ජීවිතාරක්ෂක, ආරක්ෂණ සහ සුරක්ෂිතතා සේවා


අවසන් යාවත්කාලීන කිරීම 2015 ජූලි 17 වෙනි සිකුරාදා, 04:18

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 06 නොවැම්බර් 2017