Tamil-Sri LankaEnglish (United Kingdom)
Welcome!.. Coastal Web Ver. 2.0
There are no translations available. The Ver. 2.0 of official web site for Coast Conservation an... Read more...
වෙරළ අභිමුඛ සංවර්ධනය, ගාලු නගරය
වෙරළබඩ සම්පත්වල වටිනාකම ඉහළ නංවමින් වෙරළ තීරයේ ස්ථායිතාවය හා සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වූ ... Read more...
වෙරළ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ පශ්චාත් සුනාමි සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිස්ථාපනය සහ තිරසාර කළමනාකර... Read more...
වෙරළ උවදුරු හඳුනාගැනීම
සුනාමි තත්ව, කුණාටු, වෙරළ ඛාදනය සහ මුහුදු මට්ටම ඉහළ යාම යනාදී වශයෙන් වූ වෙරළ බඩ උවදුරු 4 ක් පිළ... Read more...
වෙරළ ජල තත්ත්ව කළමනාකරණ වැඩසටහන
වෙරළ ආශ්‍රිත ජලයෙහි  ගුණාත්මක බව වැඩි විට වෙරළ කලාපයේ වටිනාකම වැඩි වන අතර වෙරළ ප්‍රජාවගේ ... Read more...

තොරතුර

  • මහජන අදහස් විමසීම - පාරිසරික...
    Read More...
  • 2018 වර්ෂය සඳහා සැපයුම්කරුවන්...
    Read More...
  • There are no translations available.The children of Harvest Vision...
    Read More...

සිදුවීම් දින දර්ශනය

වෙරළ ජල තත්ත්ව කළමනාකරණ වැඩසටහන


වෙරළ ආශ්‍රිත ජලයෙහි  ගුණාත්මක බව වැඩි විට වෙරළ කලාපයේ වටිනාකම වැඩි වන අතර වෙරළ ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, වෙරළ කලාපයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ග්‍රාමීය හා කලාපීය ප්‍රජාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමද එමගින් සිදු වේ.

2004 වසරේදී යාවත්කාලීන කරන ලද වෙරල කලාප කළමනාකරණ සැලසුමෙහි 4 වන පරිච්ඡේදය ක්‍රියාත්මක කිරීම වෙරළ ජල කළමනාකරණ වැඩසටහනෙහි අරමුණයි. වෙරළ ආශ්‍රිත ජලයෙහි ගුණාත්මක බව කෙරෙහි පවති ගැටළු හා තර්ජන මෙම වැඩසටහන මගින් හඳුනා ගන්නා අතර වෙරළ ආශ්‍රිත ජලය දූෂණය වීම වළක්වාලීම සදහා ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්තීන් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ. විනෝදාස්වාද කටයුතු සඳහා දැනට යොදා ගන්නා වෙරළ කලාප වන හික්කඩුව, ගල්කිස්ස, උණවටුන, පොල්හේන සහ නිලාවැලි යන තෝරාගත්  ප්‍රදේශ  වල ජලයෙහි ගුණාත්මක බව මැන බැලීම සඳහා කටයුතු දැනට මෙම වැඩසටහන මගින් ආරම්භ කොට ඇත.

එක් එක් ප්‍රදේශයෙහි ජලයෙහි පවතින ගැටළු මෙමගින් හඳුනා ගනු ලැබේ. ජලයෙහි නියමිත තත්ත්වයන් පවත්වා ගැනීම උදෙසා

  • අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම හා ඒ සඳහා ඔවුනගේ හැකියාව ඉහළ නැංවීම
  • එම කාර්යය සඳහා අදළ පාර්ශ්ව අතර ඒකාබද්ධතාව ගොඩනැගීම සම්බන්ධීකරණය කිරීම
  • හැමටම ලබා ගත හැකි හා බෙදා ගත හැකි ලෙස  දත්ත යටිතලයන් ගොඩනැගීම
  • නව ප්‍රතිපත්ති, නීතිරීති හා රෙගුලාසි හඳුන්වාදීම හා ඒවා යාවත්කාලීන කිරීම.

මෙම ව්‍යාපෘතියෙහි මූලික අරමුණු වන්නේ ස්වාභාවික උවදුරු 4 සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සිදු කොට උවදුරු මට්ටම් සඳහන් ‍කරමින් දිව‍යිනේ වෙරළ කලාපයන්හි උවදුරු නිරූපන සිතියම් සකස් කිරීමයි. ඉහත සඳහන් විශ්ලේෂණ සිදුකිරීම සඳහා දැනට ප්‍රමාණවත් විශ්වාසනීය දත්ත නොමැති හෙයින් ඉහත සඳහන් ස්වාභාවික උවදුරු හේතු කොට ගෙන වෙරළ කලාපයන්ට සිදුවිය හැකි උවදුරුවල මට්ටම තක්සේරු කිරීම උදෙසා සංඛ්‍යාත්මක ආදර්ශන අනුකරණයන් සහිතව සිද්ධි පාදක ප්‍රවේශයක් ලබා ගනු ලැබේ.

සංඛ්‍යාත්මක හා විශ්ලේෂණාත්මක දත්ත  මත පදනම්ව එක් එක් උවදුර මගින් අදාළ භූමි ප්‍රදේශයට සිදුවිය හැකි හානියේ සාපේක්ෂ තීව්‍රතාව මත පදනම්ව එකී තීව්‍රතාව මැනීම සඳහා ලකුණු මට්ටමක් සහිතව සිදුවිය හැකි උවදුරෙහි තීව්‍රතාව  අඩු, මධ්‍ය ඉහළ හා කිසිදු හානියක් නොමැති ලෙස ප්‍රදේශ වර්ග කරනු ලැබේ. තෝරාගත් සිදු විය හැකි බවට වැඩි විශ්වාසයක් ඇති උවදුරු තත්ත්ව වලදී සුනාමි සහ කුණාටු මගින් සිදු විය හැකි හානි පූර්ව නිගමනය කිරීම සඳහා  කලින් තහවුරු කරගත් සංඛ්‍යාත්මක ආකෘති යොදා ගනු ලැබේ. වෙරළ ඛාදන නැඹුරුතාවන් ඓතිහාසික දත්ත සහ පූර්ව අධ්‍යයන මත පදනම්ව තක්සේරු කරනු ලැබේ. විවිධ  කාලවලදී වෙරළ ප්‍රදේශවල මුහුදු මට්ටමෙහි සිදු විය හැකි   මුහුදු මට්ටම ඉහළ යාම පූර්ව නිගමනය කිරීම සඳහා  GIS යෙදවුම් ද යොදා ගනු ලැබේ.  ප්‍රදේශ ආවරණය උවදුරු විශ්ලේෂණ නිශ්චය කිරීම  සහ සිතියම්ගත කිරීම යන කාර්යයන් දැනට පවතින දත්ත මත පදනම්ව සිදු කරනු ලැබේ. උවදුරු සිතියම්හි ක්ෂේත්‍ර තහවුරු කර ගැනීමද අවශ්‍ය පරිදි සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාමාර්ගවල ඵලදායිත්වය ඇගයීම සඳහා ජලයෙහි ගුණාත්මක බව පසු අධීක්ෂණය කිරීමද සිදු කරනු ලැබේ



අවසන් යාවත්කාලීන කිරීම 2015 ජූලි 17 වෙනි සිකුරාදා, 04:52

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 06 නොවැම්බර් 2017