පාසලට හෝ විශ්ව විද්‍යාල සිසුන්ට ඔවුන්ගේ පර්යේෂණ අරමුණු හෝ ව්‍යාපෘති කටයුතු සඳහා තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?
- එම තොරතුරු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
- සතියේ දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා දෙපාර්තමේන්තුවට පැමිණ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද පෝස්ටර් සහ පොත් පිංච ලබා ගන්නේ කෙසේද?
පෝස්ටර් සහ පොත් පිංච දෙපාර්තමේන්තු පුස්තකාලයේ ඇත.
වෙරළ කලාපයේ අනවසර සංවර්ධනයන් පිළිබඳව දැනුම් දිය යුත්තේ කාටද?
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හෝ වෙරළ සම්පත් කළමනාකරණ අංශයේ ප්‍රාදේශීය කාර්යාල වෙත දැනුම් දිය යුතුය.
කොරල් පර හා ජෛව විවිධත්වය පිළිබඳ තොරතුරු ලබා ගන්නේ කෙසේද?
කොරල් පර පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙරළ සම්පත් කළමනාකරණ අංශයෙන් ලබා ගත හැකිය.
කැස්බෑවන් පිළිබඳ තොරතුරු ලබා ගන්නේ කෙසේද?
කැස්බෑවන් පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙරළ සම්පත් කළමනාකරණ අංශයෙන් ලබා ගත හැකිය.
කඩොලාන පිළිබඳ තොරතුරු ලබා ගන්නේ කෙසේද?
කඩොලාන පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුවේ වෙරළ සම්පත් කළමනාකරණ අංශයෙන් ලබා ගත හැකිය.
මුහුදු වැලි රැගෙන යාමට / ප්‍රවාහනය කිරීමට අවසර ලබා ගන්නේ කෙසේද?
පොදු අරමුණු සඳහා මුහුදු වැලි කියුබ් 02 ක් (උපරිම සීමාව සහ ලබා දිය හැකි ප්‍රමාණය මත) සඳහා අවසරය වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත ඉල්ලීමක් මගින් ලබා ගත හැකිය. මුහුදු වැලි ප්‍රවාහනය කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් (GSMB) අවසර ලබා ගත යුතුය.
මුහුදු වැලි මිලදී ගත හැකිද?
මුහුදු වැලි මිලදී ගත නොහැක.
වෙරළ කලාපයේ සංවර්ධන කටයුතු සහ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වන බලපත්‍ර ක්‍රියා පටිපාටිය කුමක්ද?
මෙම කොටසේ අන්තර්ගතය ඉතා ඉක්මනින් පළ කරනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබා ගත යුතුය?
අදාළ තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුය.
ඛාදනය වන අවස්ථා වලදී දැනුම් දිය යුතු පිරිස් කවුද?
- දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය - ප්‍රධාන ඉංජිනේරු (වෙරළබඩ වැඩ)
- දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල - ප්‍රාදේශීය ඉංජිනේරු
වෙරළ කලාපයේ පසුබෑමේ සීමාවන් මොනවාද?
මෙම කොටසේ අන්තර්ගතය ඉතා ඉක්මනින් පළ කරනු ඇත.
ශ්‍රී ලාංකික වෙරළ තීරයේ දිග කීයද?
ආසන්න වශයෙන් කිලෝමීටර් 1680 කි.
වෙරළ කලාපයේ මායිම් මොනවාද?
මෙම කොටසේ අන්තර්ගතය ඉතා ඉක්මනින් පළ කරනු ඇත.
මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල ස්ථාන පිහිටා ඇත්තේ කොහේද? ප්‍රධානීන් කවුද සහ එම ප්‍රාදේශීය කාර්යාලවල සම්බන්ධතා තොරතුරු මොනවාද?
විමසීම් විස්තර යන මෙනුවෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.
මෙම දෙපාර්තමේන්තුවට අයත් අමාත්‍යාංශය කුමක්ද?
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය.
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නම සහ තනතුර කුමක්ද?
ආර්.ඒ.එස්. රණවක
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ අධ්යක්ෂ ජනරාල්
